සංයුත්තනිකායො

මහා වර්ගය

12. සච්ච සංයුත්තය

7. චක්ක පෙය්‍යාලයේ පඨම ආමකධඤ්ඤ වර්ගය

4. සුරාමෙරය සූත්‍රය

(මේ ඡෙද මේ වර්ගයේ 1, වෙනි සූත්‍රයේ 1, 2 ඡෙද මෙන් වෙත්.)

“මහණෙනි, එපරිද්දෙන්ම මත්වීමට සහ ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානය කිරීමෙන් වැළකුනාවූ යම් සත්වයෝ වෙත්ද, ඔවුහු අතිශයින් ස්වල්ප වෙති. මත්වීමට හා ප්‍රමාදයට කාරණවූ රහමෙර පානය කරන්නාවූ යම් සත්වයෝ වෙත්ද, ඔවුහුම අතිශයින් බොහෝවෙති. ඊට හේතු කවරේද යත්, මහණෙනි, සතර ආර්‍ය්‍යසත්‍යයන් නොදැනීමය. කවර සතරක්ද?

(මේ ඡෙද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 4, 5 ඡෙද මෙන් වෙත්.)