සංයුත්තනිකායො

මහා වර්ගය

12. සච්ච සංයුත්තය

7. චක්ක පෙය්‍යාලයේ පඨම ආමකධඤ්ඤ වර්ගය

6. මත්තෙය්‍ය සූත්‍රය

(මේ ඡෙද මේ වර්ගයේ 1, වෙනි සූත්‍රයේ 1, 2 ඡෙද මෙන් වෙත්.)

“මහණෙනි, එපරිද්දෙන්ම මවු කෙරෙහි මනාව පිළිපදින්නාවූ යම් සත්වයෝ වෙත්ද, ඔවුහු ස්වල්ප වෙති. මවුට උපකාර නොකරන්නාවූ යම් සත්වයෝ වෙත්ද, ඔවුහුම බොහෝ වෙත්. ඊට හේතු කවරේද, චතුස්සත්‍යයන්ගේ නොදත් බැව්ය. කවර නම් චතුස්සත්‍යයන්ගේද යත්?

(මේ ඡෙද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 4, 5 ඡෙද මෙන් වෙත්.)