සංයුත්තනිකායො

මහා වර්ගය

12. සච්ච සංයුත්තය

8. දුතිය ආමකධඤ්ඤ වර්ගය

1. පාණාතිපාත සූත්‍රය

[1] එකල්හි භාග්‍යවතුන් වහන්සේ නිය පිටට පස්ටිකක් නගා භික්ෂූන්ට කථා කොට මෙසේ වදාළේය. “මහණෙනි, ඒ කුමක් දැයි සිතන්නහුද? මා විසින් නිය පිටට ගන්නා ලද මේ ස්වල්පවූ පසත් මහ පොළොවත් යන මේ දෙකින් කුමක් නම් අතිශයින් බොහෝ වන්නේද?” කියායි.

[2] “ස්වාමීනි, යම් ඒ මහා පෘථුවියක් වන්නීද එයම අතිශයින් බොහෝ වන්නීය. භාග්‍යවතුන් වහන්සේ විසින් නිය පිටට ගන්නාලද මේ පස ඉතා ස්වල්ප වන්නේය. භාග්‍යවතුන් වහන්සේ විසින් නිය පිටට ගන්නා ලද පස මහා පෘථුවිය හා සමාන කරන කල ගණනකටද නොපැමිණෙයි. උපමාවකටද නොපැමිණෙයි. කලාවෙන් කලාවකටද නොපැමිණෙයි.”

[3] “මහණෙනි, එපරිද්දෙන්ම ප්‍රාණඝාතයෙන් වැළකුණාවූ යම් සත්වයෝ වෙත්ද, ඔව්හු ඉතා ස්වල්ප වෙති. ප්‍රාණඝාතයෙන් නොවැළකුණාවූ යම් සත්වයෝ වෙත්ද, ඔව්හු ඉතා බොහෝ වෙත්, ඊට හේතු කවරේද යත්, සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදැනීම වෙති. කවර නම් සතරකගේද යත්,

[4] “මහණෙනි, කුමක් මා විසින් කියන ලදද? මහණෙනි, මෙය දුකයයි මා විසින් කියන ලදී මේ දුකට හෙතුවයයි මා විසින් කියන ලදී. මේ දුක නැතිවීමයයි මා විසින් කියන ලදී. මේ දුක නැති කිරීමට පැමිණෙන මාර්ගයයි මා විසින් කියන ලදී.

[5] “මහණෙනි, කුමක් නිසා මා විසින් මෙය කියන ලදද? මහණෙනි, මෙය අර්ථයෙන් යුක්තය. මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවට මුල් වූයේ වෙයි. මෙය කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරොධය පිණිස, සංසිඳීම පිණිස විශෙෂයෙන් දැනගැනීම පිණිස, අවබොධය පිණිස, නිවන පිණිස පවතියි.