සංයුත්තනිකායො

මහා වර්ගය

12. සච්ච සංයුත්තය

8. දුතිය ආමකධඤ්ඤ වර්ගය

8. බීජගාමසමාරම්භ සූත්‍රය

“මහණෙනි, එපරිද්දෙන්ම යමෙක් තුමූ බීජ වර්ග සහ ගස් වැල් කැඩීමෙන් බිඳීමෙන් වැළකුණාහු වෙත්ද එබඳු සත්වයෝ ඉතා ස්වල්පවෙති. යමෙක් තුමූ බීජ වර්ග සහ ගස් වැල් කැඩීමෙන් බිඳීමෙන් වෙන්නොවූවාහු වෙත්ද, එබඳු සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතුව කවරේද යත්, සතරආර්‍ය්‍යසත්‍යයන්ගේ නොදක්නාලද බවය. කවර සතරකගේද යත්?