සංයුත්තනිකායො
මහා වර්ගය
12. සච්ච සංයුත්තය
8. දුතිය ආමකධඤ්ඤ වර්ගය
9. විකාලභොජන සූත්‍රය
“මහණෙනි, එපරිද්දෙන් යමෙක් තුමූ විකාලභෝජනයෙන් වැළකුණාහුද ඒ සත්වයෝ තුමූ ඉතා ස්වල්ප වෙත්. යමෙක් තුමූ විකාල භොජනයෙන් නොවැළකුණාහු වෙත්ද. ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතුකවරේද? මහණෙනි, සතර ආර්‍ය්‍යසත්‍යයන් නොදක්නා ලද බවය. ඒ සතර කවරේද,