සංයුත්තනිකායො
මහා වර්ගය
12. සච්ච සංයුත්තය
8. දුතිය ආමකධඤ්ඤ වර්ගය
10. ගන්ධවිලෙපන සූත්‍රය
“මහණෙනි, එපරිද්දෙන්ම වනාහි යමෙක් තුමූ (අලංකාරය වශයෙන්) මල් ගඳ විලවුන් දැරීම අඩුතැන්පිරවීම සැරසීම යන මෙයින් වැළකුණාහුද ඒ සත්වයෝ තුමූ ඉතා ස්වල්ප වෙත්. යමෙක් තුමූ මල් ගඳ විලවුන් දැරීම අඩුතැන් පිරවීම සැරසීම යන මෙයින් නො වැළකුණාහු වෙත්ද? ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතුව කවරේද යත්? මහණෙනි, සතර ආර්‍ය්‍යසත්‍යයන්ගේ නොදක්නාලද බවය. ඒ සතර කවරේද?
දුතියආමකධඤ්ඤපෙය්‍යාලවග්ගො අට්ඨමො.