සංයුත්තනිකායො
මහා වර්ගය
12. සච්ච සංයුත්තය
9. තතිය ආමකධඤ්ඤ වර්ගය
1. නච්චගීත සූත්‍රය
(මේ වර්ගයේ මේ 1, 2 ඡෙද සියල්ලම 1 වෙනි ඡෙදය පඨම ආමකධඤ්ඤ පෙය්‍යාල වර්ගයේ 1 වෙනි සූත්‍රයේ මෙනි.)
“මහණෙනි, එපරිද්දෙන් යම්කෙනෙක් තුමූ නැටුම් ගැයුම් වැයුම් විසුළු දැකීම් යන මෙයින් වැළකුණාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙත්. යම් කෙනෙක් නැටුම් ගැයුම් වැයුම් විසුළු දැකීම් යන මෙයින් නොවැළකුණාහුද ඒ සත්වයෝම ඉතා බොහෝ වෙත්. ඊට හේතුව කවරේද, මහණෙනි, සතර ආර්‍ය්‍යසත්‍යයන්ගේ නොදැකීම වෙති. කවර සතරකගේද යත්,
(මේ ඡෙද සියල්ලම ඉහත වර්ගයේ සූත්‍රවල 4, 5 වෙනි ඡෙද මෙන් වෙත්.)