සංයුත්තනිකායො
මහා වර්ගය
12. සච්ච සංයුත්තය
9. තතිය ආමකධඤ්ඤ වර්ගය
2. උච්චාසයන සූත්‍රය
“මහණෙනි, එපරිද්දෙන්ම යම් කෙනෙක් උස් ආසන මහ ආසන පරිභොගයෙන් වැළකුණාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙති. යම් කෙනෙක් උස් ආසන මහ ආසන පරිභොගයෙන් වැළකුණාහුද ඒ සත්වයෝම ඉතා බොහෝ වෙත්. ඊට හේතුව කවරේද, මහණෙනි, සතරආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නාලද බවය. කවර සතරකගේද යත්?