සංයුත්තනිකායො

මහා වර්ගය

12. සච්ච සංයුත්තය

9. තතිය ආමකධඤ්ඤ වර්ගය

3. ජාතරූපරජත සූත්‍රය

“මහණෙනි, එපරිද්දෙන්ම යම් කෙනෙක් රන්රිදී මසු, කහවණු පිළිගැන්මෙන් වැළකුණාහු වෙත්ද ඒ සත්වයෝ තුමූ ඉතා ස්වල්පවෙත්. යම් කෙනෙක් රන්, රිදී, මසු කහවණු පිළිගැන්මෙන් නොවැළකුණාහුද, ඒ සත්වයෝම ඉතා බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්, මහණෙනි සතර ආර්‍ය්‍යසත්‍යයන්ගේ නොදක්නාලද බවය. කවර සතරකගේද යත්?