සංයුත්තනිකායො

මහා වර්ගය

12. සච්ච සංයුත්තය

9. තතිය ආමකධඤ්ඤ වර්ගය

8. අජෙළක සූත්‍රය

“මහණෙනි, එපරිද්දෙන් වනාහි යම් සත්වකෙනෙක් එළුවන් බැටළුවන් පිළිගැන්මෙන් වැළකුණාහු වෙත්ද, ඒ සත්වයෝ තුමූ ඉතා ස්වල්පවෙත්. යම් සත්වකෙනෙක් එළුවන් බැටළුවන් පිළි ගැනීමෙන් වැළකුණාහු වෙත්ද, ඒ සත්වයෝම ඉතා බොහෝවෙත්. ඊට හේතුව කවරේද?

මහණෙනි, සතරආර්‍ය්‍යසත්‍යයන්ගේ නොදක්නා ලද බවය. කවර සතරකගේද යත්?