ඛුද්දකනිකායෙ

ථෙරගාථාපාළි

1. එකකනිපාතො

1.1. සුභූති තෙරුන්ගේ ගාථාව

නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස

මං ඉන්නෙ සෙවිළි කළ කුටියකයි. එ් කුටිය හරි සැපයි. සුළඟින් කරදරයක් ද නෑ. වැහි වළාවෙනි, දැන් ඕනෑ තරමක් වහින්න. මගේ සිතත් හොඳ සමාධියකින් යුක්තයි. කෙලෙස්වලිනුත් මා නිදහස් වුණා. මා වසන්නේ බලවත් වීර්යකින් යුතුවයි. වැහි වළාවෙනි, දැන් ඕනෑ තරමක් වහින්න.

මෙය වනාහී ආයුෂ්මත් සුභූති නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.