ඛුද්දකනිකායෙ
ථෙරගාථාපාළි
1. එකකනිපාතො
1.2. මහා කොට්ඨිත තෙරුන්ගේ ගාථාව
එ් භික්ෂුව ගේ ඉඳුරන් ඉතා සන්සුන් ය. සියලූ පවිනුත් වැළකී සිටී. කථාබස් කරන්නෙත් ඉතා ම නුවණින් යුතුවයි. උඬඟුකමකුත් නෑ. එ් භික්ෂුව ලාමක අකුසල් දහම් දුරු කළේ, ගසක කොළයක් සුළඟින් බිම හෙළනව වගෙයි.
මෙය වනාහී ආයුෂ්මත් මහා කොට්ඨිත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.