ඛුද්දකනිකායෙ

ථෙරගාථාපාළි

1. එකකනිපාතො

1.4. පුණ්ණ තෙරුන්ගේ ගාථාව

ඇසුරු කළ යුත්තේ යහපත පෙන්වා දෙන නැණවත් සත්පුරුෂයන්වයි. ඔවුන්ගේ නුවණ ඉතා ම සියුම්. නොපමාව දහමේ හැසිරෙන, ඒ නුවණැති සත්පුරුෂයන් අවබෝධ කරගෙන තිබෙන්නේ පරම ගම්භීර වූ දැකීමට දුෂ්කර වූ සූක්ෂම අර්ථය වන චතුරාර්ය සත්‍යය යි.

මෙය වනාහී ආයුෂ්මත් මන්තානිපුත්ත පුණ්ණ නම් රහත්මුනිඳුන් වදාළ ගාථාවයි.