ඛුද්දකනිකායෙ

ථෙරගාථාපාළි

1. එකකනිපාතො

1.5. දබ්බ තෙරුන්ගේ ගාථාව

පුරිසදම්මසාරථී වූ මුනිඳාණන් විසින් දමනය කරන ලද්දේ හික්මවීමට අසීරු කෙනෙක්වයි. දැන් ඔහු සිටින්නේ පුදුමාකාර සතුටින්. සැක සංකාවෙන් ද තොරවයි. කෙලෙස් සටනින් එයාට ජය ලැබුණා. බිය තැති ගැනීම් කිසිවක් නැති ඒ ”දබ්බ” භික්ෂුව තම සිත නිවනෙහි පිහිටුවා ගෙන පිරිනිවී යාවි.

මෙය වනාහී ආයුෂ්මත් දබ්බ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.