ඛුද්දකනිකායෙ

ථෙරගාථාපාළි

1. එකකනිපාතො

1.6. සීතවනිය තෙරුන්ගේ ගාථාව

ඒ භික්ෂුව සීත වනයේ සිටින කෙනෙක්. වාසයකරන්නේ හුදෙකලාවේ ම යි. ඉතාම සතුටින් කල්ගෙවන්නේ. කෙලෙස් සටනින් ඔහුට ජය ලැබුණා.ලොමුදහගැනීම් කිසිවක් නැති ඒ නුවණැති භික්ෂුවකායගතාසතිය මැනවින් රැකගෙන ඉන්නෙ.

මෙය වනාහී ආයුෂ්මත් සීතවනිය නම් රහත් මුනිඳුන්වදාළ ගාථාවයි.