ඛුද්දකනිකායෙ
ථෙරගාථාපාළි
1. එකකනිපාතො
1.7. භල්ලිය තෙරුන්ගේ ගාථාව
ඔහු මාර සේනාව බැහැර කෙරුවේ මහා සැඩපහරකින් ඒදණ්ඩක් කැඞී බිඳී යන ආකාරයෙන්. කෙලෙස්සටනින් ඔහුට ජය ලැබුණි. කිසිම බියක් තැතිගැනීමක්දැන් එයා ළඟ නෑ. එයා දමනය වෙලා ඉන්නේ සද්ධර්මයතුළයි. සිත නිවනෙහි පිහිටුවාගෙන සිටින ඒ භික්ෂුව පිරිනිවීයාවි.
මෙය වනාහී ආයුෂ්මත් භල්ලිය නම් රහත් මුනිඳුන් වදාළගාථාවයි.