ඛුද්දකනිකායෙ
ථෙරගාථාපාළි
1. එකකනිපාතො
1.8. වීර තෙරුන්ගේ ගාථාව
පුරිසදම්මසාරථී වූ සමිඳාණන් විසින් දමනය කොට වදාළේ හික්මාලන්ට අසීරු කෙනෙක්වයි. දැන් ඔහු ඉන්නේපුදුමාකාර සතුටින්. සැක සංකා ද ඔහු තුළ නෑ. කෙලෙස්සටනින් ඔහුට ජය ලැබුණා. ලොමදහගැනීම් වලින් තොරවසිටින ඒ වීර භික්ෂුව සිත නිවනෙහි පිහිටුවා ගෙන සිටිනනිසා පිරිනිවී යාවි.
මෙය වනාහී ආයුෂ්මත් වීර නම් රහත් මුනිඳුන් වදාළගාථාවයි.