ඛුද්දකනිකායෙ

ථෙරගාථාපාළි

1. එකකනිපාතො

1.9. පිළින්දිවච්ඡු තෙරුන්ගේ ගාථාව

බුදු සසුන වෙත පැමිණීමෙන් මට සිදු වුණේයහපතක් ම යි. මේ පැමිණීම අයහපත් දෙයක් නම්නොවේ. මං මේ පවසන්නේ වැරදි මතයක් නොවේ. ඉතාපැහැදිලි ලෙස කරුණු පෙන්වා දෙන සද්ධර්මය තුළ යම්උතුම් අමා නිවනක් වේ නම් මං පත් වුණේ ඒ උතුම්නිවනට යි.

මෙය වනාහී ආයුෂ්මත් පිළින්දිවච්ඡු නම් රහත් මුනිඳුන් වදාළගාථාවයි.