අංගුත්තර නිකාය

දුක නිපාතය

පළමුවෙනි පණ්ණාසකය

2. දෙවෙනි පණස

8. සනිමිත්ත වර්ගය

සනිමිත්ත සූත්‍රය:—“මහණෙනි, ලාමකවූ අකුසල ධර්මයෝ කරුණු සහිතවම උපදිත්, කරුණු රහිතව නූපදිත්. එම කාරණයාගේ දුරුකිරීමෙන් මෙසේ ලාමකවූ අකුශල ධර්මයෝ නූපදිත්.”

සනිදාන සූත්‍රය:—“මහණෙනි, ලාමකවූ අකුසල ධර්මයෝ නිදාන සහිතවම උපදිත්. නිදාන රහිතව නූපදිත්. ඒ නිදානයාගේම දුරුකිරීමෙන් මෙසේ ඒ ලාමකවූ අකුසල ධර්මයෝ නූපදිත්.”

සහෙතුක සූත්‍රය:—“මහණෙනි, ලාමකවූ අකුසල ධර්මයෝ හේතු සහිතවම උපදිත්, හේතු රහිතව නූපදිත්. ඒ හේතුහුගේම දුරුකිරීමෙන් මෙසේ ඒ ලාමකවූ අකුසල ධර්මයෝ නූපදිත්.”

සසංඛාර සූත්‍රය:—“මහණෙනි, ලාමකවූ අකුසල ධර්මයෝ සංස්කාර සහිතවම උපදිත්, සංස්කාර රහිතව නූපදිත්. ඒ සංස්කාරයාගේම දුරුකිරීමෙන් මෙසේ ඒ ලාමකවූ අකුසල ධර්මයෝ නූපදිත්.”

සප්පච්චය සූත්‍රය:—“මහණෙනි, ලාමකවූ අකුසල ධර්මයෝ ප්‍රත්‍යය සහිතවම උපදිත්, ප්‍රත්‍යය රහිතව නූපදිත්. ඒ ප්‍රත්‍යයාගේම දුරුකිරීමෙන් මෙසේ ඒ ලාමකවූ අකුසල ධර්මයෝ නූපදිත්.”

සරූප සූත්‍රය:—“මහණෙනි, ලාමකවූ අකුසල ධර්මයෝ රූප (හේතු) සහිතවම උපදිත්. රූප රහිතව නූපදිත්. ඒ කාරණයාගේම දුරුකිරීමෙන් මෙසේ ඒ ලාමකවූ අකුසල ධර්මයෝ නූපදිත්.”

සවෙදනා සූත්‍රය:—“මහණෙනි, ලාමකවූ අකුසල ධර්මයෝ වේදනා සහිතවම උපදිත්, වේදනා රහිතව නූපදිත්. ඒ වේදනාවන්ගේම දුරුකිරීමෙන් මෙසේ ඒ ලාමකවූ අකුසල ධර්මයෝ නූපදිත්.”

සසඤ්ඤා සූත්‍රය:—“මහණෙනි, ලාමකවූ අකුසල ධර්මයෝ සංඥා සහිතවම උපදිත්, සංඥා රහිතව නූපදිත්. එම සංඥාවගේම දුරුකිරීමෙන් මෙසේ ඒ ලාමකවූ අකුසල ධර්මයෝ නූපදිත්.”

සවිඤ්ඤාණ සූත්‍රය:—“මහණෙනි, ලාමකවූ අකුසල ධර්මයෝ විඤ්ඤාණ සහිතවම උපදිත්, විඤ්ඤාණ රහිතව නූපදිත්. එම විඤ්ඤාණයාගේම දුරුකිරීමෙන් මෙසේ ඒ ලාමකවූ අකුසල ධර්මයෝ නූපදිත්”

සංඛතාරම්මණ සූත්‍රය:—“මහණෙනි, ලාමකවූ අකුසල ධර්මයෝ සංඛතාරම්මණ සහිතව (ප්‍රත්‍යයෙන් නිපන් සංඛත ධර්මයන් අරමුණුකොට) ම උපදිත්, අසංඛතාරම්මණ සහිතව (අසංඛතවූ නිර්වාණය අරමුණුකොට) නූපදිත්. ඒ සංඛත ධර්මයාගේම දුරුකිරීමෙන් මෙසේ ඒ ලාමකවූ අකුසල ධර්මයෝ නොවෙත්.”

(තුන්වෙනි වර්ගය නිමි)