අඞ්ගුත්තරනිකායො
ඡක්ක නිපාතය
2. දුතිය පණ්ණාසකය
11. තික වර්ගය
4. සඤ්ඤා පහාණ සූත්රය
’’මහණෙනි, මේ ධර්ම තුනකි. කිනම් තුනක්ද යත්. කාම හැඟීම, කෝප හැඟීම , හිංසා හැඟීම යන තුනයි. මහණෙනි, මේ හැඟීම් තුනය.
’’මහණෙනි, මේ හැඟීම් තුන ප්රහාණය කිරීම පිණිස ධර්ම තුනක් වැඩිය යුත්තාහ.
’’කිනම් තුනක්ද යත්? කාම හැඟීම ප්රහාණය කිරීම පිණිස නෛෂ්කාම්ය හැඟීම වැඩිය යුත්තාහ. කෝප හැඟීම ප්රහාණය කිරීම පිණිස මෛත්රී හැඟීම වැඩිය යුත්තාහ. . හිංසා හැඟීම ප්රහාණය කිරීම පිණිස අහිංසා සංඥාව වැඩිය යුත්තාහ. මහණෙනි, මේ හැඟීම් තුන ප්රහාණය කිරීම පිණිස ධර්ම තුනක් වැඩිය යුත්තාහ.