අඞ්ගුත්තරනිකායො
ඡක්ක නිපාතය
2. දුතිය පණ්ණාසකය
7. දේවතා වර්‍ගය (අනාගාමි වර්‍ගය)
8. සමාධිබලතා සූත්‍රය
’’මහණෙනි, කරුණු සයකින් යුක්ත භික්‍ෂුව සමාධියෙහි බලවත් බවට පැමිණීමට නුසුදුසුය.
’’කවර සයකින්ද, මේ ශාසනයෙහි භික්‍ෂුව සමාධියට සමවැදීමේ දක්‍ෂ නොවේද, සමාධිය සම තත්ත්‍වයක තබාගැනීමේ දක්‍ෂ නොවේද, සමාධියෙන් නැගිටීමේ දක්‍ෂ නොවේද, සකස්ව කටයුතු නොකරන්නේ වේද, මිහිරිදෙය නොකරන්නේ වේද, හිතවත් දෙය නොකරන්නේ වේද, මහණෙනි, කරුණු සයකින් යුක්ත භික්‍ෂුව සමාධියෙහි බලවත් බවට පැමිණීමට නුසුදුසුය.
’’ මහණෙනි, මේ ධර්ම සයෙන් යුක්ත භික්‍ෂුව සමාධියෙහි බලයට පැමිණීමට සුදුසුය.
’’කවර සයකින්ද? මේ ශාසනයෙහි භික්‍ෂුව සමාධියට සමවැදීමේ දක්‍ෂ වේද, සමාධිය සම තත්ත්‍වයක තබාගැනීමේ දක්‍ෂ වේද, සමාධියෙන් නැගිටීමේ දක්‍ෂ වේද, සකස්ව කටයුතු කරන්නේ වේද, මිහිරිදෙය කරන්නේ වේද, හිතවත් දෙය කරන්නේ වේද, මහණෙනි, මේ ධර්ම සයෙන් යුක්ත භික්‍ෂුව සමාධියෙහි බලයට පැමිණීමට සුදුසුය.