අඞ්ගුත්තරනිකායො

ඡක්ක නිපාතය

2. දුතිය පණ්ණාසකය

8. අරහන්ත වර්‍ගය

3. උත්තරිමනුස්සධම්ම සූත්‍රය

’’මහණෙනි, කරුණු සයක් හැර නොදමා, මිනිස්බව ඉක්මවූ, ආර්යභාවය ගෙනදීමට සමර්ත්‍ථ නුවණ කොටස අත්කරන්නට නොහැකිය.

’’කවර සයක්ද යත්? සිහි මුළාව, විමසීමේ නුවණ නැති බව, ඉඳුරන්හි දොර නොවැසීම, කෑමෙහි පමණ නොදන්නා බව, වඤ්චාව, චාටු කථාවය. මහණෙනි, කරුණු සයක් හැර නොදමා, මිනිස්බව ඉක්මවූ, ආර්යභාවය ගෙනදීමට සමර්ත්‍ථ නුවණ කොටස අත්කරන්නට නොහැකිය.

’’ මහණෙනි, කරුණු සයක් හැර දමා, මිනිස්බව ඉක්මවූ, ආර්යභාවය ගෙනදීමට සමර්ත්‍ථ නුවණ කොටස අත්කරන්නට හැකි වෙයි.

’’කවර සයක්ද යත්? සිහි මුළාව, විමසීමේ නුවණ නැති බව, ඉඳුරන්හි දොර නොවැසීම, කෑමෙහි පමණ නොදන්නා බව, වඤ්චාව, චාටු කථාවය. මහණෙනි, කරුණු සයක් හැර දමා, මිනිස්බව ඉක්මවූ, ආර්යභාවය ගෙනදීමට සමර්ත්‍ථ නුවණ කොටස අත්කරන්නට හැකි වෙයි.