අඞ්ගුත්තරනිකායො

ඡක්ක නිපාතය

2. දුතිය පණ්ණාසකය

8. අරහන්ත වර්‍ගය

5. අනධිගතාධිගමන සූත්‍රය

’’මහණෙනි, කරුණු සයෙකින් යුත් භික්‍ෂුව නොදත් කුශල ධර්‍මය දැන ගැනීමට හෝ, දත් කුශල ධර්‍මය දියුණු කිරිමට හෝ අසමර්ථය.

’’කවර සයකින්ද යත්? මහණෙනි, මෙහි භික්‍ෂුව අයෙහි දක්‍ෂයෙක් නොවේද. වැයෙහි දක්‍ෂයෙක් නොවේද. උපායෙහි දක්‍ෂයෙක් නොවේද. නොපැමිණි කුශල ධර්‍මයන්ට පැමිණීමට කැමැත්ත නූපදවාද, පැමිණි කුශල ධර්‍මයන් හොඳට නොරකීද, නිතර පැවැත්විමට නොසලසාද (කියායි.)

’’මහණෙනි, කරුණු සයෙකින් යුත් භික්‍ෂුව නොපැමිණි කුශල ධර්‍මයන්ට පැමිණීමට, පැමිණි කුශල ධර්‍මයන් දියුණු කිරිමට අසමර්ථය.

’’කවර සයකින්ද යත්? මහණෙනි, මෙහි භික්‍ෂුව අයෙහි දක්‍ෂයෙක් වේද. වැයෙහි දක්‍ෂයෙක් වේද. උපායෙහි දක්‍ෂයෙක් වේද. නොපැමිණි කුශල ධර්‍මයන්ට පැමිණීමට කැමැත්ත උපදවාද, පැමිණි කුශල ධර්‍මයන් හොඳට රකීද, නිතර පැවැත්විමට සලසාද (යන මොහුයි.)මහණෙනි, කරුණු සයෙකින් යුත් භික්‍ෂුව නොපැමිණි කුශල ධර්‍මයන්ට පැමිණීමට, පැමිණි කුශල ධර්‍මයන් දියුණු කිරිමට අසමර්ථය.