අඞ්ගුත්තරනිකායො
ඡක්ක නිපාතය
2. දුතිය පණ්ණාසකය
8. අරහන්ත වර්‍ගය
7. පානාතිපාතාදී ඡධම්ම සූත්‍රය
’’මහණෙනි, කරුණු සයෙකින් යුත් තැනැත්තේ ගෙන එන ලද්දක් බහා තබන්නා සේ මෙසේ නික්මුණේ, නිරයෙහි වේ.
’’කවර සයකින්ද යත්? සතුන් නසන්නේ වේද, නුදුන් දෙය ගන්නේ වේද, කාමයන්හි වැරදි හැසිරීම් ඇත්තේ වේද, බොරු කියන්නේ වේද, ලාමකවූ කැමැත්ත ඇත්තේද, වැරැදි දැකීම ඇත්තේද, (යන මොහුයි.)මහණෙනි, කරුණු සයෙකින් යුත් තැනැත්තේ ගෙන එන ලද්දක් බහා තබන්නා සේ මෙසේ නික්මුණේ, නිරයෙහි වේ.
’’ මහණෙනි, කරුණු සයෙකින් යුත් තැනැත්තේ ගෙන එන ලද්දක් බහා තබන්නා සේ මෙසේ නික්මුණේ, ස්වර්‍ගයෙහි වේ.
’’ කවර සයකින්ද යත්? සතුන් නැසීමෙන් වෙන්වූයේ වේද, නුදුන් දෙය ගැන්මෙන් වෙන්වූයේ වේද, කාම යන්හි වැරදි හැසිරීමෙන් වෙන්වූයේ වේද, බොරු කීමෙන් වෙන්වූයේ වේද, වඩා කැමැත්ත නැත්තේ වේද, නිවැරැදි දැකීම ඇත්තේ වේද, (යන මොහුයි.) මහණෙනි, කරුණු සයෙකින් යුත් තැනැත්තේ ගෙන එන ලද්දක් බහා තබන්නා සේ මෙසේ නික්මුණේ, ස්වර්‍ගයෙහි වේ.