අඞ්ගුත්තරනිකායො
ඡක්ක නිපාතය
2. දුතිය පණ්ණාසකය
9. සීති වර්ගය
4. සුස්සූසන සූත්රය
’’මහණෙනි, ධර්ම සයකින් යුක්තවූ තැනැත්තේ බණ අසන්නේ නමුදු කුශල ධර්මයන්හි තැන්පත්වූ නියම කළ දෙයට බැසගන්නට නොහැක්කේ වෙයි.
’’කවර සයකින්ද? තථාගතයන් වහන්සේ විසින් දන්නා ලද ධර්ම විනය දේශනා කරණ කල්හි නොඅසාද. කණ නොනමාද. වෙන කරුණක් සිතට නගා ගනීද, අනර්ත්ථයක්ම ගනීද, අර්ත්ථය නොසලකා හරීද. පිළිවෙලින් තොරවූ ඉවසීමෙන් යුක්ත වේද. මහණෙනි, ධර්ම සයකින් යුක්තවූ තැනැත්තේ බණ අසන්නේ නමුදු කුශල ධර්මයන්හි තැන්පත්වූ නියම කළ දෙයට බැසගන්නට නොහැක්කේ වෙයි.
’’ මහණෙනි, ධර්ම සයකින් යුක්තවූ තැනැත්තේ බණ අසන්නේ නමුදු කුශල ධර්මයන්හි තැන්පත්වූ නියම කළ දෙයට බැසගන්නට හැක්කේ වෙයි.
’’කවර සයකින්ද? තථාගතයන් වහන්සේ විසින් දන්නා ලද ධර්ම විනය දේශනා කරණ කල්හි අසාද. කන් නමාද. වෙන කරුණක් සිතට නගා නොගනීද, අර්ත්ථයක්ම ගනීද, අර්ත්ථය සලකාද. පිළිවෙලින් යුක්තවූ ඉවසීමෙන් යුක්ත වේද. මහණෙනි, ධර්ම සයකින් යුක්තවූ තැනැත්තේ බණ අසන්නේ නමුදු කුශල ධර්මයන්හි තැන්පත්වූ නියම කළ දෙයට බැසගන්නට හැක්කේ වෙයි.