අඞ්ගුත්තරනිකායො
ඡක්ක නිපාතය
2. දුතිය පණ්ණාසකය
9. සීති වර්‍ගය
10. ආනන්තරිය සූත්‍රය
’’මහණෙනි, මේ නුසුදුසු කරුණු සයක් වෙති.
’’කවර සයක්ද? සෝවාන් පුද්ගලයා මව මැරීමට නුසුදුසුය. පියා මැරීමට නුසුදුසුය. රහතන් වහන්සේ මැරීමට නුසුදුසුය. දුෂ්ටවූ සිතින් තථාගතයන් වහන්සේගේ ශරීරයෙන් ලේ සෙලවීමට නුසුදුසුය. සංඝභේදය කරන්නට නුසුදුසුය. සෝවාන් පුද්ගලයා අන්‍ය ශාස්තාාවරයකු ඇතැයි පෙන්විමට නුසුදුසුය.’’