අඞ්ගුත්තරනිකායො
දසම නිපාතය
3. තතිය පණ්ණාසකය
(11) 1. සමණසඤ්ඤා වර්‍ගය
11. දස අසෙක්ඛ ධම්ම සූත්‍රය
ඉක්බිති එක්තරා භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ මහණතෙම භාග්‍යවතුන් වහන්සේට, ’’ස්වාමීනි, අශෙඛය, අශෙඛයයි කියයි. ස්වාමීනි, කොපමණකින් අශෙඛවේදැ’’ යි ඇසීය.
’’මහණ, මේ ශාසනයෙහි මහණතෙම අශෛක්‍ෂ (ශික්‍ෂාව අවසන්කළ) සම්‍යක් දෘෂ්ටියෙන් යුක්තවූයේ වේද, අශෛක්‍ෂ සම්‍යක් සංකල්පනාවෙන් යුක්තවූයේ වේද, අශෛක්‍ෂ සම්‍යක් වචනයෙන් යුක්තවූයේ වේද, අශෛක්‍ෂ සම්‍යක් කර්මාන්තයෙන් යුක්තවූයේ වේද, අශෛක්‍ෂ සම්‍යක් ජීවිකාවෙන් යුක්තවූයේ වේද, අශෛක්‍ෂ සම්‍යක් වෑයමින් යුක්තවූයේ වේද, අශෛක්‍ෂ සම්‍යක් සමාධියෙන් යුක්තවූයේ වේද, අශෛක්‍ෂ සම්‍යක් ඤාණයෙන් යුක්තවූයේ වේද, අශෛක්‍ෂ සම්‍යක් මිදීමෙන් යුක්තවූයේ වේ. මහණෙනි, මෙසේ වනාහි මහණතෙම අශෛක්‍ෂ වේය’ යි වදාළ සේක.