අඞ්ගුත්තරනිකායො
දසම නිපාතය
4. චතුත්‍ථ පණ්ණාසකය
(17) 2. යමක වර්‍ගය
2. අරිය පච්චොරොහණී සූත්‍රය
’’මහණෙනි, තොපට ආර්‍ය්‍යවූ පච්චොරොහණිය (බැසගැන්ම) දෙසන්නෙමි. එය හොඳට අසවු. මෙනෙහි කරවු.’’ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. ’’මහණෙනි, ආර්‍ය්‍යවූ පච්චොරොහණිය කවරේද?
’’බ්‍රාහ්මණය, මෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මෙසේ සලකයි. සතුන් මැරීමේ ලාමක විපාකය මෙලොවදීත්, පරලොවදීත් වේ. හෙතෙම මෙසේ සලකා සතුන් මැරීම දුරු කරයි. සතුන් මැරීමෙන් බසී. නුදුන් දෙය ගැනීමෙන්, කාමයන්හි වැරදි හැසිරීමේ, බොරු කීමේ, කේළාම් කීමේ, පරුෂ වචන කීමේ, හිස් වචන කීමේ, විෂම ලෝභයේ, ක්‍රෝධයේ, වැරදි දැකීමේ, ලාමක විපාකය මෙලොවදීත්, පරලොවදීත් වේ.
’’හෙතෙම මෙසේ සලකා සතුන් මැරීම දුරුකරයි. සතුන් මැරීමෙන් බසී. නුදුන් දෙය ගැනීම දුරුකරයි. නුදුන් දෙය ගැනීමෙන් බසී. කාමයන්හි වැරදි හැසිරීම දුරුකරයි. කාමයන්හි වැරදි හැසිරීමෙන් බසී. බොරු කීමදුරුකරයි. බොරු කීමෙන් බසී. කේළාම් කීම දුරුකරයි. කේළාම් කීමෙන් බසී. පරුෂ වචන කීම දුරුකරයි. පරුෂ වචන කීමෙන් බසී. හිස් වචන කීම දුරුකරයි. හිස් වචන කීමෙන් බසී. විෂම ලෝභය දුරුකරයි. විෂම ලෝභයෙන් බසී. ක්‍රොධය දුරුකරයි. ක්‍රොධයෙන් බසී. වැරදි දැකීම දුරුකරයි. වැරදි දැකීමෙන් බසී. බ්‍රාහ්මණය, මෙසේ වනාහි ආර්‍ය්‍යයන් වහන්සේගේ විනයෙහි පච්චෝරොහණිය (බැස ගැනිම) වේ.
’’භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයන්ගේ බැසගැන්ම අන් විධියකින් වේ. ආර්‍ය්‍යයන් වහන්සේගේ විනයෙහි බැසීම අන් විධියකින් වේ. භවත් ගෞතමයන් වහන්ස, ආර්‍ය්‍ය විනයෙහි බැසගැන්මෙන් බමුනන්ගේ බැසගැන්මෙන් සොලොස් කතාවෙන් කතාවටවත් නොඅගනේය. භවත් ගෞතමයන් වහන්සේ, යහපත ( මෙහි අඞ්ගුත්තර නිකායේ 7 නිපාතයේ, 7 වර්‍ගයේ, 13 සූත්‍රයේ, 27 ඡේදය යෙදිය යුතුයි. )