අඞ්ගුත්තරනිකායො
දසම නිපාතය
1. පඨම පණ්ණාසකය
1. ආනිසංස වර්‍ගය
7. කිංසඤ්ඤී සූත්‍රය
’’ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වැඳ, එකත් පසෙක සිටියේය. එකත් පසෙක සිටි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට, ’’ස්වාමීනි, යම්සේ පෘථුවියෙහි පෘථුවි සංඥා ඇත්තේ නොවන්නේද. වතුරෙහි වතුර යන සංඥාව ඇත්තේ නොවන්නේද, ගින්නෙහි ගින්න යන සංඥාව ඇත්තේ නොවන්නේද, වාතයෙහි වාතය යන සංඥාව ඇත්තේ නොවන්නේද, ආකාශානඤ්චායතනයෙහි ආකාශානඤ්චායතන සංඥාව ඇත්තේ නොවන්නේද, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතන සංඥාව ඇත්තේ නොවන්නේද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතන සංඥාව ඇත්තේ නොවන්නේද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව ඇත්තේ නොවන්නේද, මේ ලෝකයෙහි මේ ලෝකය යන සංඥාව ඇත්තේ නොවන්නේද, පරලෙව්හි පරලොව යන සංඥා ඇත්තේ නොවන්නේද, සිත් ඇති සමාපත්තියක් වනාහි ඇත්තේද, එබඳු සමාධි ප්‍රතිලාභයක් වන්නේදැ’’ යි ඇසූයේය.
’’ආනන්‍දය, මහණහට යම්සේ පෘථුවියෙහි පෘථුවි යන සංඥාව ඇත්තේ නොවේද. ජලයෙහි ජලය යන සංඥාව ඇත්තේ නොවේද, ගින්නෙහි ගින්න යන සංඥාව ඇත්තේ නොවේද, වාතයෙහි වාතය යන සංඥාව ඇත්තේ නොවේද, ආකාශානඤ්චායතනයෙහි ආකාශානඤ්චායතන සංඥාව ඇත්තේ නොවේද, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතන සංඥාව ඇත්තේ නොවේද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතන සංඥාව ඇත්තේ නොවේද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව ඇත්තේ නොවේද, මේ ලෝකයෙහි මේ ලෝකය යන සංඥාව ඇත්තේ නොවේද, පරලෝකයෙහි පරලෝකය යන සංඥා ඇත්තේ නොවේද, සිත් ඇති සමාපත්තියෙක් ඇත්තේද, එබඳු සමාධි ප්‍රතිලාභයක් වන්නේය.
’’ස්වාමීනි, මහණහට යම්සේ පෘථුවියෙහි පෘථුවි යන සංඥාව ඇත්තේ නොවේද. ජලයෙහි ජලය යන සංඥාව ඇත්තේ නොවේද, ගින්නෙහි ගින්න යන සංඥාව ඇත්තේ නොවේද, වාතයෙහි වාතය යන සංඥාව ඇත්තේ නොවේද, ආකාශානඤ්චායතනයෙහි ආකාශානඤ්චායතන සංඥාව ඇත්තේ නොවේද, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතන සංඥාව ඇත්තේ නොවේද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතන සංඥාව ඇත්තේ නොවේද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව ඇත්තේ නොවේද, මේ ලෝකයෙහි මේ ලෝකය යන සංඥාව ඇත්තේ නොවේද, පරලෝකයෙහි පරලෝකය යන සංඥා ඇත්තේ නොවේද, සිත් ඇති සමාපත්තියෙක් ඇත්තේද, එබඳු සමාධි ප්‍රතිලාභයක් වන්නේය. ස්වාමීනි, මෙය කෙසේ වන්නේද?’’
’’ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම යම් මේ සියලු කෙලෙස් දුරුකරන්නාවූ, තෘෂ්ණාව ක්‍ෂය කරන්නාවූ, මාර්‍ගයක් ඇද්ද, නිරෝධ සංඛ්‍යාත නිවණක් ඇද්ද, සියලු සංස්කාරයන් සංසිඳුවන මේ ඵල සමාපත්තිය ශාන්තය, මේ ඵල සමාපත්තිය ප්‍රණීතයයි මෙබඳු සිත් ඇත්තේ යම් සේ පෘථුවියෙහි පෘථුවි යන සංඥාව ඇත්තේ නොවේද. ජලයෙහි ජලය යන සංඥාව ඇත්තේ නොවේද, ගින්නෙහි ගින්න යන සංඥාව ඇත්තේ නොවේද, වාතයෙහි වාතය යන සංඥාව ඇත්තේ නොවේද, ආකාශානඤ්චායතනයෙහි ආකාශානඤ්චායතන සංඥාව ඇත්තේ නොවේද, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතන සංඥාව ඇත්තේ නොවේද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතන සංඥාව ඇත්තේ නොවේද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව ඇත්තේ නොවේද, මේ ලෝකයෙහි මේ ලෝකය යන සංඥාව ඇත්තේ නොවේද, පරලෝකයෙහි පරලෝකය යන සංඥා ඇත්තේ නොවේද, සිත් ඇති සමාපත්තියෙක් ඇත්තේදැයි, ආනන්‍දය, මෙබඳු සමාධි ප්‍රතිලාභයක් වන්නේය.
ඒ කාලයෙහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, ’’කුමණ සංඥාවක් ඇත්තේ වූයේද, ඇවැත්නි, මට භව නිරෝධය නිර්‍වාණය භව නිරෝධය නිර්‍වාණයයි, මට අනික්ම සංඥාවක් උපදී. අනිත්ම සංඥාවක් නිරුද්‍ධ වේ. ඇවැත්නි, යම් සේ ලී කැබෙල්ලක් ගින්නෙන් දැවෙන්නේ අනෙක්ම ගින්නක් උපදීද, අනිත්ම ගින්නක් නිරුද්‍ධ වේද, ඇවැත්නි, මෙසේම මම භවයාගේ නිරෝධ නිර්‍වාණය භවයාගේ නිරෝධය නිර්‍වාණයයි, අනික් සංඥාවක්ම උපදී. අනික් සංඥාවක්ම නිරුද්‍ධ වේ. ඇවැත්නි, ඒ කාලයෙහි මම භව නිරෝධය නිර්‍වාණය යන සංඥා ඇත්තේ වූයෙමි.’’