අංගුත්තර නිකාය
එක නිපාතය
11. සම්බොධි වර්ගය
104. පුබ්බෙ සම්බොධා සූත්‍රය (2)
“මහණෙනි, මම ලෝකයාගේ ආශ්වාදය සොයනු පිණිස හැසුරුණෙමි. ලොකයෙහි යමක් ආශ්වාදය නම් එය අවබොධ කෙළෙමි. ලොකයෙහි යම්තාක් ආශ්වාදය වේද එය මා විසින් ප්‍රඥාවෙන් මනාකොට දක්නා ලදී.
“මහණෙනි, මම ලොකයාගේ ආදීනව සෙවීමෙහි හැසුරුනෙමි. යමක් ලොකයෙහි ආදීනව නම් එය අවබොධ කෙළෙමි. ලොකයෙහි යම්තාක් ආදීනව වේනම් එය මා විසින් මොනවට දක්නා ලදී.
“මහණෙනි, මම ලොකයාගේ නිස්සරණය සෙවීමෙහි හැසුරුණෙමි. ලොකයෙහි යමක් නිස්සරණය නම් එය අවබොධ කෙළෙමි. ලොකයෙහි යම්තාක් නිස්සරණය වේද එය මා විසින් ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී.
“මහණෙනි, යම්තාක් ලොකයෙහි ආශ්වාදය ආශ්වාද වශයෙනුත් ආදීනවය ආදීනව වශයෙනුත්, නිස්සරණය නිස්සරණය වශයෙනුත් තත්වාකාරයෙන් දැනගත්තාහුද, “මහණෙනි, ලොකයෙහි ඉදින් ආශ්වාදයක් නැත්තේ නම් මේ සත්වයෝ ලොකයෙහි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි ලොකයෙහි ආශ්වාදයක් ඇත්තේද එහෙයින් සත්වයෝ ලොකයෙහි ඇලෙත්. මහණෙනි, මේ ලොකයෙහි ඉදින් ආදීනවයක් නැත්තේ නම් මේ සත්වයෝ ලොකයෙහි නොකලකිරෙන්නාහුය. මහණෙනි, යම්හෙයකින් වනාහි ලොකයෙහි ආදිනවය ඇත්තේද, එහෙයින් සත්වයෝ ලොකයෙහි කලකිරෙත්. මහණෙනි, ඉදින් ලොකයෙහි නිස්සරණයක් නැත්තේ නම් මේ සත්වයෝ ලොකයෙන් නොනික්මෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි ලොකයෙහි නිස්සරණයක් ඇත්තේද, එහෙයින් සත්වයෝ ලොකයෙන් නික්මෙත්. මහණෙනි, සත්වයෝ යම්තාක් කල් ආශ්වාදය ආශ්වාදය වශයෙනුත් ආදීනවය ආදීනවය වශයෙනුත් නිස්සරණය නිස්සරණය වශයෙනුත් තත්වාකාරයෙන් නොදැන ගත්තාහුද මහණෙනි, ඒතාක් කල්
“දෙවියන් සහිතවූ මරුන් සහිතවූ බඹුන් සහිතවූ සත්වයෝ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිතවූ දෙව් මිනිසුන් සහිතවූ
“ප්‍රජාව කෙරෙන් නික්මී නොබැඳී මිදී සීමා කළ සිතින් වාසය නොකළාහුය.
“මහණෙනි, යම් කලෙක පටන් සත්වයෝ ලොකයාගේ ආශ්වාදය ආශ්වාදය වශයෙනුත්, ආදීනවය ආදීනවය වශයෙනුත්, නිස්සරණය නිස්සරණය වශයෙනුත් තත්වාකාරයෙන් දැනගත්තාහුද එකල්හි සත්වයෝ
“දෙවියන් සහිතවූ මරුන් සහිතවූ බඹුන් සහිතවූ ලොකයෙන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිතවූ දෙව් මිනිසුන් සහිතවූ
“ප්‍රජාව කෙරෙන් නික්මී නොයෙදී මිදී සීමා කරන ලද සිතින් වාසය කරත්.