අංගුත්තර නිකාය
එක නිපාතය
11. සම්බොධි වර්ගය
105. අස්සාද පරියෙසන සූත්‍රය
“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ලොකයෙහි ආශ්වාදය ආශ්වාදය වශයෙනුත්, ආදීනවය ආදීනව වශයෙනුත්, නිස්සරණය නිස්සරණය වශයෙනුත්, තත්වාකාරයෙන් නොදනිත්ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණයයි සම්මත වූවාහු හෝ බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණයයි සම්මතවූවාහු හෝ නොවෙත්. ඒ ආයුෂ්මත්හු ශ්‍රමණ අර්ථය හෝ බ්‍රාහ්මණ අර්ථය හෝ මේ ආත්මයෙහි තෙමේ විශෙෂ ඥානයෙන් ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය නොකරත්.