අංගුත්තර නිකාය
එක නිපාතය
11. සම්බොධි වර්ගය
106. අස්සාද පරියෙසන සූත්‍රය (2)
“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ලොකයෙහි ආශ්වාදය ආශ්වාදය වශයෙනුත්, ආදීනවය ආදීනවය වශයෙනුත්, නිස්සරණය නිස්සරණය වශයෙනුත්, තත්වාකාරයෙන් දැනගනිත්ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණයයි සම්මත වූවාහු බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණයයි සම්මතවූවාහු වෙත්. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණාර්ථයද බ්‍රාහ්මණාර්ථයද මේ ආත්මයෙහිම තෙමේ විශෙෂ ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරන්නාහුයයි” වදාළේය