අංගුත්තර නිකාය
එක නිපාතය
11. සම්බොධි වර්ගය
109. චිත්තරක්ඛණ සූත්‍රය
“එකල්හි අනේපිඬු ගෘහපති තෙමේ භාග්‍යවතුන්වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන්වහන්සේ වැඳ එක්පසෙක හිඳගත්තේය. එක්පසෙක හිඳගත් අනේපිඬු ගෘහපති හට භාග්‍යවතුන්වහන්සේ මෙසේ වදාළේය.
“ගෘහපතිය, සිත නොරැකි කල්හි කායකර්මයද නොරක්නා ලද්දේය, වාක්කර්මයද නොරක්නා ලද්දේය, මනො කර්මයද නොරක්නා ලද්දේය.
“නොරක්නා ලද කාය කර්මය ඇති නොරක්නා ලද වාක් කර්මය ඇති නොරක්නා ලද මනො කර්මය ඇති ඔහුගේ කාය කර්මයද කෙලෙසුන්ගෙන් තෙත්වූයේ වෙයි. වාක් කර්මයද කෙලෙසුන්ගෙන් තෙත්වූයේ වෙයි. මනො කර්මයද කෙලෙසුන්ගෙන් තෙත්වූයේ වෙයි. ඒ තෙත්වූ කායකර්ම ඇති තෙත්වූ වාක්කර්මය ඇති තෙත්වූ මනොකර්මය ඇති කාය කර්මද කුණුවූයේ වෙයි. වාක් කර්මද කුණු වූයේ වෙයි. මනො කර්මද කුණුවූයේ වෙයි. කුණුවූ කායකර්ම ඇති කුණුවූ වාක්කර්ම ඇති කුණුවූ මනොකර්ම ඇති ඔහුගේ මරණය යහපත් නොවේ. යහපත් කාලක්‍රියාවක් නොවේ.
‘ගෘහපතිය, කුළුගෙය මනාව සෙවිලි නොකළ කල්හි මුදුනද නොරැකුණේ වෙයි. පරාළද නොරැකුණාහු වෙති. භික්තිද නොරැකුණාහු වෙති. මුදුනද තෙත්වූයේ වෙයි. පරාලද තෙත්වූවාහු වෙත්. භික්තිද තෙත්වූවාහු වෙත් මුදුනද කුණුවූයේ වෙයි. පරාලද කුණුවූවාහු වෙත්. භික්තිද කුණුවූවාහු වෙත්.
“ගෘහපතිය, එසේම සිත නොරැකී කල්හි කාය කර්මද නොරැකුණේ වෙයි. වාක් කර්මද නොරැකුණේ වෙයි. මනොකර්මද නොරැකුණේ වෙයි. (මෙහි මේ සූත්‍රයේ 3 ඡෙදය යොදාගත යුතුයි.)
“ගෘහපතිය, සිත රැකි කල්හි කායකර්මද රැකුණේ වෙයි. වාක් කර්මද රැකුණේ වෙයි. මනොකර්මද රැකුණේ වෙයි. රැකුණ කායකර්ම ඇති රැකුණ වාක්කර්ම ඇති රැකුණ මනොකර්ම ඇති ඔහුගේ කායකර්මද තෙත් නොවූයේ වෙයි. වාක්කර්මද තෙත් නොවූයේ වෙයි. මනො කර්මද තෙත් නොවූයේ වෙයි. තෙත්නොවූ කායකර්ම ඇති, තෙත් නොවූ වාක්කර්ම ඇති තෙත් නොවූ මනොකර්ම ඇති ඔහුගේ කායකර්මද කුණු නොවූයේ වෙයි. වාක්කර්මද කුණු නොවූයේ වෙයි. මනොකර්මද කුණු නොවූයේ වෙයි. කුණු නොවූ කායකර්ම ඇති, කුණු නොවූ වාක්කර්ම ඇති, කුණු නොවූ මනොකර්ම ඇති ඔහුගේ මරණය යහපත් වෙයි. කාලක්‍රියාව යහපත් වෙයි.
“ගෘහපතිය, කුළුගෙය මනාව සෙවිලිකළ කල්හි මුදුණ ද රැකුණේ වෙයි. පරාලද රැකුණේ වෙයි. භිත්තිද රැකුණේ වෙයි. මුදුනද තෙත් නොවූයේ වෙයි පරාලද තෙත් නොවූයේ වෙයි. භික්තිද තෙත් නොවූයේ වෙයි. මුදුණද කුණු නොවූයේ වෙයි පරාලද කුණු නොවූයේ වෙයි. භික්තිද කුණු නොවූයේ වෙයි.