අංගුත්තර නිකාය
එක නිපාතය
12. ආපායික වර්ගය
113. ආපායික සූත්‍රය
“මහණෙනි, මේ ධර්මතුනක් අත්නොහැර අපායෙහි උපදින්නාවූ නිරයෙහි උපදින්නාවූ මේ සත්වයෝ තුන්දෙනෙක් වෙත්.
“කවර තුන්දෙනෙක්ද? බ්‍රහ්මචාරී බව ප්‍රතිඥා කරන්නාවූ යම් අබ්‍රහ්මචාරී පුද්ගලයෙක් වේද, යමෙක් පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙන්නහුට අමූලික අබ්‍රහ්මචර්‍ය්‍යාවෙන් අපහාස කරයිද, යමෙක් කාමයෙහි දෝෂයක් නැතැයි මෙසේ කියනසුලු මෙසේ දෘෂ්ටි ඇත්තෙක්ව කාමයන්හි සේවනය කළයුතු බවට පැමිණෙයිද, මහණෙනි, මේ කරුණු තුන දුරු නොකොට අපායෙහි උපදින්නාවූ නිරයෙහි උපදින්නාවූ මොහු තුන්දෙනෙක් වෙත්.”