අංගුත්තර නිකාය
එක නිපාතය
15. මංගල වර්ගය
155. සුමංගල (හෝ) සුප්පභාත සූත්‍රය
“මහණෙනි, යම් සත්ව කෙනෙක් පෙරවරු කාලයෙහි කයින් සුචරිතයෙහි හැසිරෙද්ද. වචනයෙන් සුචරිතයෙහි හැසිරෙද්ද, සිතින් සුචරිතයෙහි හැසිරෙද්ද මහණෙනි, ඒ සත්වයන්ට යහපත් පෙරවරු කාලයක් වෙයි.
“මහණෙනි, යම් සත්ව කෙනෙක් මධ්‍යාහ්ණ කාලයෙහි කයින් සුචරිතයෙහි හැසිරෙද්ද, වචනයෙන් සුචරිතයෙහි හැසිරෙද්ද, සිතින් සුචරිතයෙහි හැසිරෙද්ද මහණෙනි, ඒ සත්වයන්ට යහපත් මධ්‍යාහ්ණ කාලයක් වෙයි.
“මහණෙනි, යම් සත්ව කෙනෙක් සවස් කාලයෙහි කයින් සුචරිතයෙහි හැසිරෙද්ද, වචනයෙන් සුචරිතයෙහි හැසිරෙද්ද, සිතින් සුචරිතයෙහි හැසිරෙද්ද ඒ සත්වයන්ට යහපත් සවස් කාලයක් වෙයි.
“(ඔවුන්ට) ශුභ නැකතකි. ශුභ මඟුලකි, ශුභ හිරු උදාවකි. ශුභ පිබිඳීමකි. ශුභ ක්ෂණයකි. ශුභ මුහුර්තියකි, බ්‍රහ්මචාරීන් කෙරෙහි මනා දන්දීමකි.”
“දියුණුවූ කාය කර්ම වෙයි, දියුණුවූ වාක් කර්ම වෙයි, දියුණුවූ මනො කර්ම වෙයි, දියුණුවූ ප්‍රාර්ථනා වෙත්.”
“දියුණුවූ කර්මයන් කොට මෙහි දියුණුව ලබත්. බුද්ධ ශාසනයෙහි වැඩුණාවූ සුඛිතවූ ලබන ලද අර්ථ ඇත්තාවූ ඔව්හු සියලු ඤාතීන් සමග නිරොගිව සැප ඇත්තෝ වව්.”
(පසළොස්වැනි මංගල වර්ගයයි.)
(තුන්වැනිවූ ඛුද්දක පණ්ණාසකය නිමිය නිමි.)