අංගුත්තර නිකාය

එක නිපාතය

6. බ්‍රාහ්මණ වර්ගය

59. ජානුස්සොණි තෙවිජ්ජ සූත්‍රය

ඉක්බිති ජානුස්සොණි බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු විය යුතුවූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ජානුස්සොණි බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතමයන් වහන්ස, යමෙකුහට යාගයක් හෝ මතක බතක් හෝ සැළි බතක් හෝ දානවස්තුවක් හෝ ඇත්තේ නම් ත්‍රිවිද්‍යා ඇති බ්‍රාහ්මණයන්ටම දෙන්නේයයි” කීය. “බ්‍රාහ්මණය, බමුණෝ කෙසේ නම් ත්‍රිවිද්‍යා ඇති බ්‍රාහ්මණයා පනවත්ද?

(මේ ඡෙදය මේ වර්ගයේ 8 සූත්‍රයේ 2 (ii) 3 (i) (ii) ඡෙද මෙන් වෙත්.)

“බමුණ එසේ නම් අසව, මනා කොට මෙනෙහි කරව, කියන්නෙමියි වදාළසේක. පින්වතුන් වහන්ස එසේයයි” ජානුස්සොණි බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්නේය.

“භාග්‍යවතුන් වහන්සේ බමුණ මේ ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්ව අකුශල ධර්මයන් ගෙන් වෙන්ව විතර්ක සහිත විචාර සහිත විවෙකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්ක විචාරයන්ගේ සංසිඳී මෙන් තමා තුළ පැහැදීම් ඇති සිතේ එකඟකම ඇති විතර්ක නැති විචාර නැති සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතියගේ වෙන්වීමෙන් උපෙක්ෂා ඇතිව වාසය කරයි. සිහි ඇත්තේ සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ කයින් සැපක් විඳියි. උපෙක්ෂා ඇති සිහි ඇති සැප විහරණයකැයි යමක් ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තුන් වෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැප පහවීමෙන්ද දුක පහවීමෙන්ද සොම්නස දොම්නස දෙක අස්තවීමට පෙර දුක් නැති සැප නැති උපෙක්ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසුදුකම ඇති සතරවැනි ධ්‍යානයට පැමිණ වාසය කරයි.

(මේ ඡෙද මේ වර්ගයේ 8 සූත්‍රයේ 3 (ii) 4 5 සහ 6 ඡෙදයේ ‘එසේය’ යන තැනට යොදාගත යුතුයි.)

හෙතෙම මෙසේ සිත සමාධියට පැමිණි කල්හි, පිරිසිදුවූ කල්හි, පවිත්‍රවූ කල්හි කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලෙශයන් ඇති කල්හි මොළොක්වූ කල්හි කර්මණ්‍යව සිටිකල්හි ස්ථිරවූ කල්හි ආශ්‍රවක්ෂය ඥාණය පිණිස හිත යොදයි. හෙතෙම මෙය දුකයයි තතුසේ දැනගනී. මෙය දුකට හේතුවයයි තතුසේ දැනගනියි. මෙය දුක නැති කිරීමයයි තතුසේ දැනගනියි. මේ දුක් නැතිකිරීමට පැමිණෙන ප්‍රතිපදාවයයි තතුසේ දැනගනී. මේ ආශ්‍රවයෝයි. තත්වූ පරිද්දෙන් දනී. මේ ආශ්‍රවයන් පහළවීමයයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ ආශ්‍රවයන්ගේ නැතිවීමයයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ ආශ්‍රවයන්ගේ නැතිවීමයයි තත්වූ පරිද්දෙන් දැනගනී. ආශ්‍රවයන් නැතිකිරීමට පමුණුවන ප්‍රතිපදාවයයි තතුසේ දැන ගනී. මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ ඒ භික්ෂුවගේ සිත කාමාශ්‍රවයෙන්ද මිදෙයි. භවාශ්‍රවයෙන්ද, අවිද්‍යාශ්‍රවයෙන්ද මිදෙයි. (ආශ්‍රවයන් කෙරෙන් සිත) මිදුන කල්හි මිදුනේයයි යන ඥාණය ඇතිවේ ජාතිය ක්ෂයවිය, බඹසර වැස නිමවන ලද්දේය, කටයුතු කරණ ලද්දේය. මෙයින් පසු අන් භවයක් නැත්තේයයි දැනගනී. මොහු විසින් මේ තුන්වෙනි (සෙස්ස 9 වෙනි සූත්‍රයේ 6 වෙනි ඡෙදය ‘1 වෙනි විද්‍යාව’ යන්නට ‘තුන්වෙනි’ කියා යොදා ‘එසේයි’ යන තැන දක්වා යොදාගත යුතුයි.)

(1) යමෙක් තෙම සීලව්‍රත දෙකින් සමන්විතවූයේ වේද, හරණ ලද ආත්මාලය ඇත්තේ වේද, සන්සිඳුනේ වේද, යමෙකුගේ සිත තමහට වසඟවූයේ වේද, එකඟවූයේ වේද, මොනවට අරමුණෙහි තබන ලද්දේ වේද.

(තිකණ්ණ සූත්‍රයේ ගාථාවල 4, 5, ඡෙද මෙනි.)

(මේ ඡෙදය මේ වර්ගයේ 8 සූත්‍රයේ 13 ඡෙදය මෙනි)

(මේ ඡෙදය මේ වර්ගයේ 3 සූත්‍රයේ 14 ඡෙදය මෙනි)