අංගුත්තර නිකාය
එක නිපාතය
9. සමණ වර්ගය
82. සමණ කරණීය සූත්‍රය
‘මහණෙනි, බූරුවෙක් ගවරැළ පසුපස මමද ගවයෙක්මි මමද ගවයෙක්මියි කියන්නාක් මෙන් ‘අහම්පි අම්භා, අහම්පි අම්භායි’ හඬනගමින් ගමන් කරන්නේ වෙයිද ඔහුට ගවයන්ගේ වර්ණයට බඳු වර්ණයක් නැත. ගවයන්ගේ හඬට බඳු හඬක් නැත. ගවයන්ගේ පාදයන්ට බඳු පා නැත. එහෙත් හෙතෙම ‘අහම්පි අම්භා, අහම්පි අම්භායි’ මමද ගවයෙකි, ‘මමද ගවයෙකියි කියමින් ගවයන්ගේ පසුපස ගමන් කරන්නේ වෙයි.
“මහණෙනි, එසේම මෙහි ඇතැම් භික්ෂුවක් ‘මමද භික්ෂුවක් වෙමි, මමද භික්ෂුවක් වෙමියි’ කියමින් භික්ෂු සංඝයා පසුපස ගමන්කරන්නේ වෙයි. අනික් භික්ෂූන්ට මෙන් ඔහුගේ අධිශීල ශික්ෂා සමාදානයෙහි කැමැත්තක් නැත. අනික් භික්ෂූන්ට මෙන් ඔහුගේ අධිචිත්ත ශික්ෂා සමාදානයෙහි කැමැත්තක් නැත. අනික් භික්ෂූන්ට මෙන් ඔහුගේ අධිප්‍රඥා ශික්ෂා සමාදානයෙහි කැමැත්තක් නැත. හෙතෙම ‘මමත් භික්ෂුවක් වෙමි, මමත් භික්ෂුවක් වෙමියි’ භික්ෂු සංඝයාම පසු පස ගමන් කරන්නේ වෙයි.