අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
4. හතරවෙනි පණ්ණාසකය
(16) 1. ඉන්‍ද්‍රියය වර්‍ගය
6. අසංඛෙයකප්ප සූත්‍රය
’’මහණෙනි, කල්පයාගේ මේ අසංඛ්‍යෙය සතරක් වෙත්. කවර සතරක්ද යත්. මහණෙනි, යම් කලෙක්හි කල්පය නැසෙන්නේ වේද,
’’එය මෙපමණ වර්‍ෂයයි කියා හෝ, මෙපමණ වර්‍ෂ දහසකැයි කියා හෝ, මෙපමණ වර්‍ෂ ලක්‍ෂයකැයි කියා හෝ සංඛ්‍යා කරන්නට නොහැකිය.
’’මහණෙනි, යම් කලෙක්හි කල්පය නැසී සිටීද, එය මෙපමණ වර්‍ෂයයි කියා හෝ, මෙපමණ වර්‍ෂ දහසකැයි කියා හෝ, මෙපමණ වර්‍ෂ ලක්‍ෂයකැයි කියා හෝ සංඛ්‍යා කරන්නට නොහැකිය.
’’මහණෙනි, යම් කලෙක්හි කල්පය ඇතිවේද, එය මෙපමණ වර්‍ෂයයි කියා හෝ, මෙපමණ වර්‍ෂ දහසකැයි කියා හෝ, මෙපමණ වර්‍ෂ ලක්‍ෂයකැයි කියා හෝ සංඛ්‍යා කරන්නට නොහැකිය.
’’මහණෙනි, යම් කලෙක්හි කල්පය ඇතිවී පවතීද, එය මෙපමණ වර්‍ෂයයි කියා හෝ, මෙපමණ වර්‍ෂ දහසකැයි කියා හෝ, මෙපමණ වර්‍ෂ ලක්‍ෂයකැයි කියා හෝ සංඛ්‍යා කරන්නට නොහැකිය. මහණෙනි, මේ සතර, කල්පයාගේ අසංඛ්‍යයෝයි.’’