අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
4. හතරවෙනි පණ්ණාසකය
(16) 1. ඉන්‍ද්‍රියය වර්‍ගය
8. පරිහානි ධම්ම සූත්‍රය
එහි වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, ’ඇවැත්නි, මහණෙනි,’ යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු, ’ඇවැත්නි’ යි කියා ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළ සේක.
’’ඇවැත්නි, යම්කිසි භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් හෝ සතර ධර්‍මයක් තමා කෙරෙහි දකී. කුශල ධර්‍මයන්ගෙන් පිරිහෙයි. මේ පිරිහීම භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී යයි නිමාවට යා යුතුයි.
’’කවර සතරක්ද යත්, රාගයාගේ විපුලභාවය, ද්වේෂයාගේ විපුලභාවය, මොහයාගේ විපුලභාවය, ඔහුට ගැඹුරුවූ ස්ථාන අස්ථානයන්හි ප්‍රඥා චක්‍ෂුස නොපවතී. ඇවැත්නි, යම්කිසි භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් හෝ සතර ධර්‍මයක් තමා කෙරෙහි දකී. කුශල ධර්‍මයන්ගෙන් පිරිහෙයි. මේ පිරිහීම භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී යයි නිමාවට යා යුතුයි.
’’ඇවැත්නි, යම්කිසි භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් හෝ සතර ධර්‍මයක් තමා කෙරෙහි දකී. කුශල ධර්‍මයන්ගෙන් පිරිහෙයි. මේ පිරිහීම භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී යයි නිමාවට යා යුතුයි.
’’කවර සතරක්ද යත්, රාගය තුනී බැවින්ද, ද්වේෂය තුනී බැවින්ද, මොහය තුනී බැවින්ද, ගැඹුරුවූ ස්ථාන අස්ථානයන්හි ප්‍රඥා චක්‍ෂුස පවතීද එහෙයිනි. ඇවැත්නි, යම්කිසි භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් හෝ සතර ධර්‍මයක් තමා කෙරෙහි දකී. කුශල ධර්‍මයන්ගෙන් පිරිහෙයි. මේ පිරිහීම භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී යයි නිමාවට යා යුතුයි.