අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
1. පළමුවෙනි පණ්ණාසකය
2. චර වර්‍ගය
6. චතුකොඛුම්ම සූත්‍රය
’’මහණෙනි, මේ සියුම් ස්වභාවයන් දැනගන්නා නුවණ සතරෙකි. කවර සතර දෙනෙක්ද යත්.
’’මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම රූපයෙහි උතුම්වූ සියුම් ලක්‍ෂණ දැනගන්නා නුවණින් යුක්ත වේද, ඒ සියුම් රූප ලක්‍ෂණ දැනගන්නාවූ නුවණට වඩා උතුම්වූ හෝ ප්‍රණීතවූ හෝ අනික් රූප ලක්‍ෂණ දැනගන්නාවූ ඥානයක් ඒ සියුම්වූ රූප ලක්‍ෂණ දැනගන්නාවූ ඥානයට වඩා උතුම්වූ හෝ ප්‍රණීතවූ හෝ අනික් රූප ලක්‍ෂණ දැනගන්නාවූ ඥානයක් නොපතයි. සියුම්වූ වේදනා ලක්‍ෂණ දැනගන්නාවූ නුවණින් යුක්ත වේද, සියුම් වේදනා දැනගන්නාවූ ඥානයට වඩා උතුම්වූ හෝ ප්‍රණීතවූ අනික් සියුම් වෙදනා ලක්‍ෂණ දැනගන්නාවූ ඥානයක් නොදකියි. සියුම් වෙදනා ලක්‍ෂණ දැනගන්නාවූ ඥානයට වඩා උතුම්වූ හෝ ප්‍රණීතවූ හෝ අනික් වෙදනා ලක්‍ෂණ ඇත්තාවූ ඥානයක් නොපතයි. සියුම්වූ සංඥා ලක්‍ෂණ දැනගන්නා ඥානයෙන් යුක්ත වේද, ඒ සියුම් සංඥා ලක්‍ෂණ දැනගන්නා ඥානයට වඩා උතුම්වූද, ප්‍රණීතවූද, අනික් සංඥා ලක්‍ෂණ දැනගන්නා ඥානයක් නොදකියි. ඒ සියුම් සංඥා ලක්‍ෂණ දැන ගන්නා ඥානයට වඩා උතුම්වූද, ප්‍රණීතවූද, අනික් සංඥා ලක්‍ෂණ දැනගන්නාවූ ඥානයක් නොපතයි. සියුම්වූ සංස්කාර ලක්‍ෂණ දැනගන්නාවූ උතුම් ඥානයෙන් යුක්තවූයේ වෙයි. ඒ සියුම් සංස්කාර ලක්‍ෂණ දැනගන්නා ඥානයට වඩා උතුම්වූද, ප්‍රණීතවූද, සංස්කාර ලක්‍ෂණ දැනගන්නා අනික් ඥානයක් නොදකියි. ඒ සියුම් සංස්කාර ලක්‍ෂණ දැනගන්නා ඥානයට වඩා උතුම්වූද, ප්‍රණිතවූද අනික් සියුම් සංස්කාර ලක්‍ෂණ දැනගන්නා ඥානයක් නොපතයි.
’’රූපස්කන්‍ධයාගේ සියුම් භාවය දැන, වේදනාවන්ගේ ප්‍රභවය දැන, යම් හෙයකින් සංඥාව උපදීද, එයද දැන, යම් තැනකදී නිරුද්‍ධවේද, එයද දැන, සංස්කාරයන් අනිත්‍ය භාවයෙන් තමාගෙන් අන්‍යවූවක් වශයෙන්ද, දුක් වශයෙන්ද, අනාත්ම වශයෙන්ද දැන, ශාන්ති පදයෙහි ඇළුනු ශාන්තවූ, මනාව දක්නාවූ ඒ මහණ සෙනාවාහන සහිත මාරයා නසා අන්තිම ශරීරය දරයි.’’