අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

5. පඤ්චම පණ්ණාසකය

(28) 8. රාග පෙය්‍යාල වර්‍ගය

2. සම්මප්පධාන රාග අභිඤ්ඤා සූත්‍රය

’’මහණෙනි, රාගය විශිෂ්ට ඥානයෙන් දැනීමට කරුණු සතරක් වැඩිය යුතුය.

’’කවර සතරක්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම නූපන් ලාමක අකුශල ධර්මයන් නොඉපදවීම පිණිස,

’’කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන් ගනී. සිත පහදවයි. ප්‍රධන් වීර්‍ය්‍ය කරයි.

’’උපන් ලාමක අකුශල ධර්මයන් ප්‍රහාණ වීම පිණිස,

’’කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන් ගනී. සිත පහදවයි. ප්‍රධන් වීර්‍ය්‍ය කරයි.

’’නූපන් කුශල ධර්මයන් ඉපදවීම පිණිස,

’’කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන් ගනී. සිත පහදවයි. ප්‍රධන් වීර්‍ය්‍ය කරයි.

’’උපන් කුශල ධර්මයන්ගේ ස්ථිතිය පිණිස, අමතක නොවීම පිණිස, වැඩීම පිණිස, විපුලත්‍වයට යාම පිණිස,

’’භාවනාවෙන් පිරීම පිණිස,

’’කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන් ගනී. සිත යොදවයි. ප්‍රධන් වීර්‍ය්‍ය කරයි.

’’මහණෙනි, රාගයාගේ විශිෂ්ට ඥානයෙන් දැනීම පිණිස මේ කරුණු සතර වැඩිය යුතුය.’’