අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

2. දුතිය පණ්ණාසකය

(7) 2. පත්ත කම්ම වර්‍ගය

4. නිරයගාමී ධම්ම සූත්‍රය

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ තැනැත්තේ ගෙන එන ලද්දාක් බිම හෙළුවාක් මෙන් නරකයෙහි උපදියි.

’’කවර සතරකින්ද යත්. සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, මහණෙනි, මේ කරුණු සතරින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බිම හෙළුවාක් මෙන් නරකයෙහි උපදියි.’’

’’සතුන් මැරීමද, නුදුන් දේ ගැනීමද, බොරු කීමද, පරදාරාවන් කරා යාමද, පණ්ඩිතයෝ ප්‍රශංසා නොකෙරෙත්යයි කියනු ලැබේ.’’