අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

2. දුතිය පණ්ණාසකය

(10) 5. අසුර වර්‍ගය

2. පඨම චෙතොසමථ සූත්‍රය

’’මහණෙනි, මේ පුද්ගලයන් සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ, විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්?

’’මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් අධ්‍යාත්මයෙහි අර්‍පණ චිත්ත සමාධිය ලබන්නේ වේ. විදර්‍ශනා ප්‍රඥාව නොලබන්නේ වේද,

’’මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් විදර්‍ශනා ප්‍රඥාව ලබන්නේ වේ. අධ්‍යාත්මයෙහි අර්‍පණ චිත්ත සමාධිය නොලබන්නේ වේ.

’’මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් අධ්‍යාත්මයෙහි අර්‍පණ චිත්ත සමාධිය නොලබයි. විදර්‍ශනා ප්‍රඥාව නොලබයි.

’’මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් අධ්‍යාත්මයෙහි අර්‍පණ චිත්ත සමාධිය ලබයි. විදර්‍ශනා ප්‍රඥාව ලබයි.

’’මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.’’