අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
2. දුතිය පණ්ණාසකය
(10) 5. අසුර වර්‍ගය
3. දුතිය චෙතො සමථ සූත්‍රය
’’මහණෙනි, මේ පුද්ගලයන් සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ, විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්?
’’අසුරයන් පිරිවර කොට ඇති අසුරයාය. දෙවියන් පිරිවර කොට ඇති අසුරයාය. අසුරයන් පිරිවර කොට ඇති දෙවියාය. දෙවියන් පිරිවර කොට ඇති දෙවියාය යන සතර දෙනය.
’’මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම අසුරයන් පිරිවර කොට ඇති අසුරයා වේද? මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් දුශ්ශීල වේද, ලාමක ස්වභාව ඇත්තේ වේද, ඔහුගේ පිරිසද දුශ්ශීලද, ලාමක ස්වභාව ඇත්තේද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙම අසුර පිරිවර ඇති අසුරයාය.
’’මහණෙනි, දෙවියන් පිරිවර කොට ඇති අසුරයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දුශ්ශීලද, ලාමක ස්වභාව ඇත්තේද, ඔහුගේ පිරිස සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තේද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙමේ දෙවියන් පිරිවර කොට ඇති අසුරයාය.
’’මහණෙනි, පුද්ගල තෙම කෙසේ නම් අසුරයන් පිරිවර කොට ඇති දෙවියා වේද? මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තේද, ඔහුගේ පිරිස වනාහි දුශ්ශීලද, ලාමක ස්වභාව ඇත්තේද, මහණෙනි, මෙවැනි පුද්ගල තෙම අසුරයන් පිරිවර කොට ඇති දෙවියෙක් වේ.
’’මහණෙනි, එහි යම් මේ පුද්ගලයෙක් අධ්‍යාත්මයෙහි අර්‍පණ සමාධිය ලබන්නේ වේද, විදර්‍ශනා ප්‍රඥාව නොලබන්නේ වේද, මහණෙනි, ඒ පුද්ගලයා විසින් අධ්‍යාත්මයෙහි අර්‍පණ චිත්තයෙහි පිහිටා විදර්‍ශනා ප්‍රඥාවට යොග කළ යුතුයි. හෙතෙම මෑත කලක අධ්‍යාත්මයෙහි අර්‍පණ චිත්තයද ලබන්නේ වේ. අධි ප්‍රඥා ධර්‍ම විදර්‍ශනාවද ලබන්නේ වේ.
’’මහණෙනි, එහි යම් මේ පුද්ගලයෙක් විදර්‍ශනා ප්‍රඥාව ලබන්නේ වේද, අධ්‍යාත්මයෙහි අර්‍පණ සමාධිය නොලබන්නේද, මහණෙනි, ඒ පුද්ගලයා විසින් විදර්‍ශනා ප්‍රඥාවේ සිට අධ්‍යාත්මයෙහි අර්‍පණ සමාධියෙහි වෑයම් කළ යුතුයි. හෙතෙම මෑත භාගයෙහි විදර්‍ශනා ප්‍රඥාවද ලබයි. අර්‍පණ සමාධියද ලබයි.
’’මහණෙනි, එහි යම් පුද්ගලයෙක් අධ්‍යාත්මයෙහි අර්‍පණ චිත්ත සමාධිය නොලබන්නේද, අධිප්‍රඥා ධර්‍ම විදර්‍ශනාව නොලබන්නේද, මහණෙනි, ඒ පුද්ගලයා විසින් ඒ කුශල ධර්‍මයන්ගේම ප්‍රතිලාභය පිණිස අධිමාත්‍ර කැමැත්තක්ද, වෑයමක්ද, උත්සාහයක්ද, මහා වීර්‍ය්‍යයක්ද, නොනැවතීමක්ද, සිහියක්ද, සම්‍යක් ප්‍රඥාවක්ද කටයුතුයි.
’’මහණෙනි, යම් සේ ගිනි ගත් වස්ත්‍රයක් හෝ ගිනි ගත් හිසක් ඇත්තේ, ඒ ඒ වස්ත්‍රයාගේ හෝ ශීර්‍ෂයාගේ නිවීම පිණිස මහත් ඕනෑකමක්ද, ප්‍රයෝගයක්ද, උත්සාහයක්ද, මහා වීර්‍ය්‍යයක්ද, නොනැවතීමක්ද, සිහියක්ද, සම්‍යක් ප්‍රඥාවක්ද කරන්නේය.
’’මහණෙනි, එසේම ඒ පුද්ගලයා විසින් ඒ කුශල ධර්‍මයන්ගේම ලැබීම පිණිස අධිමාත්‍ර ඡන්‍දයක් හෝ වෑයමක් හෝ උත්සාහයක් හෝ මහා වීර්‍ය්‍යයක් හෝ නොනැවැත්මක් හෝ සිහියක් හෝ සම්‍යක් ප්‍රඥාවක් හෝ කටයුතුයි. හෙතෙම මෑත භාගයෙහි අධ්‍යාත්මයෙහි අර්‍පණ සමාධිය ලබන්නේ වේ. විදර්‍ශනා ප්‍රඥාවද ලබන්නේ වේ. මහණෙනි, යම් මේ පුද්ගලයෙක් අධ්‍යාත්මයෙහි අර්‍පණ චිත්තය ලබන්නේ වේද, අධි ප්‍රඥා විදර්‍ශනා ප්‍රඥාව ලබන්නේද වේ. ඒ පුද්ගලයා විසින් ඒ කුශල ධර්‍මයන්හිම පිහිටා මත්තෙහි ආශ්‍රවයන්ගේ ක්‍ෂයය පිණිස යොග කටයුතුයි. මහණෙනි, මේ පුද්ගලයන් සතර දෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්ය’’ යි වදාළ සේක.