අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

3. තුන්වන පණ්ණාසකය

(11) 1. ඵාසු විහාර වර්‍ගය

2. උසස්ංකිත සූත්‍රය

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම ක්‍ෂීණාශ්‍රව වූයේද, ලාමක භික්‍ෂු උසස්යයි සැක කරණ ලද්දේ හාත්පස සැක කරණ ලද්දේ වේ.

’’කවර පසකින්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම වෛශ්‍යාවන් හුන් තැන් ගොදුරුකොට ඇත්තේ වේද, වැන්දඹු ස්ත්‍රීන් හුන් තැන් ගොදුරුකොට ඇත්තේ වේද, මහළු කුමරියන් හුන් තැන් ගොදුරුකොට ඇත්තේ හෝ වේද, නපුංසකයන් වසන තැන් ගොදුරුකොට ඇත්තේ හෝ වේද, භික්‍ෂුණීන් වසන තැන් ගොදුරුකොට ඇත්තේ හෝ වේද, යන පසිනි.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම ක්‍ෂීණාශ්‍රව වූයේද, ලාමක භික්‍ෂු උසස්යයි සැක කරණ ලද්දේ හාත්පස සැක කරණ ලද්දේ වේ.