අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
3. තුන්වන පණ්ණාසකය
(11) 1. ඵාසු විහාර වර්‍ගය
3. මහාචොර සූත්‍රය
’’මහණෙනි, අඞ්ග පසකින් යුක්තවූ මහ සොරතෙම උමංද සිඳියි. පැහැරීමද කරයි. එක් ගෙයක් පැහැර ගැනීමද කරයි. උවදුරු මං පැහැරීමෙහිද සිටියි.
’’කවර පසකින්ද යත්, මහණෙනි, මේ ලෝකයෙහි මහ සොරතෙම,
’’විසම ස්ථාන ඇසුරු කෙළේද, සැඟවෙන තැන් ඇසුරු කෙළේද, බලවතුන් ඇසුරු කෙළේද, සම්පත් දෙන්නේද, එකළාව හැසිරෙන්නේද වේ.
’’මහණෙනි, කෙසේනම් මහ සොර තෙම විෂම තැන් ඇසුරු කෙළේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි මහ සොර තෙම ගං හෝ වලින් යා නොහැකි තැන හෝ පර්වතයෙන් විෂම වන තැන හෝ ඇසුරු කෙළේ වේද, මහණෙනි, මෙසේ වනාහි මහ සොර තෙම විෂම තැන් ඇසුරු කෙළේ වේ.
’’මහණෙනි, කෙසේනම් මහ සොර තෙම ගහණයන් ඇසුරු කෙළේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි මහ සොර තෙම තණකොළ ලැහැබක්, ගස් ලැහැබක් හෝ ගැඹුරුවූ වන ලැහැබක් හෝ ඇසුරු කෙළේ වේද, මහණෙනි, මෙසේ වනාහි මහ සොර තෙම සැඟවෙන තැන් ඇසුරු කෙළේ වේ.
’’මහණෙනි, කෙසේනම් මහ සොර තෙම බලවතුන් ඇසුරු කෙළේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි මහ සොර තෙම
’’රජහු හෝ, රජ මහ ඇමැතියකු හෝ ඇසුරු කෙළේ වේද, ඔහුට මෙබඳු සිතක් වෙයි. ’’ඉදින් මට කිසිවෙක් කිසිවක් කියන්නේ නම් මේ මාගේ රජහුගේ රජ මහ ඇමතිවරු හෝ වසාගෙණ අර්ත්‍ථය කියන්නාහුයය’ යි. ඉදින් ඔහුට කිසිවෙක් කිසිවක් කීයේ නම් ඔහුගේ ඒ රජවරු හෝ, රජ මහ ඇමතිවරු හෝ වසාගෙණ අර්ත්‍ථය කියක්.
’’මහණෙනි, මෙසේ වනාහි මහ සොර තෙම බලවතුන් ඇසුරු කෙළේ වේ.
’’මහණෙනි, කෙසේනම් මහ සොර තෙම සම්පත් දෙන්නේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි මහ සොර තෙම ආඨ්‍යවූයේ, මහත් ධනය ඇත්තේ, මහත් සම්පත් ඇත්තේ වේද, ඔහුට මෙබඳු සිතක් වෙයි
’’ඉදින් මට කිසිවෙක් කිසිවක් කියන්නේ නම් මෙයින් සම්පත්වලින් පිළිසඳර කරන්නෙමියි ඉදින් ඔහුට කිසිවෙක් කිසිවක් කීයේ නම්, එයින් සම්පත් දීමෙන් පිළිසඳර කරයි. මහණෙනි, මෙසේ වනාහි මහ සොර තෙම සම්පත් දෙන්නේ වේ.
’’මහණෙනි, කෙසේනම් මහ සොර තෙම එකලාව හැසිරෙන්නේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි මහ සොර තෙම හුදකලාව අනුන් සතු බඩු ගැණීම් කරන්නේ වෙයි. ඊට හේතු කවරේද? ’මාගේ රහස් මන්ත්‍රණයෝ පිටත්හි සම්භෙදයට නොපැමිණෙත්වා’ යි . මහණෙනි, මෙසේ වනාහි මහ සොර තෙම එකළාව හැසිරෙන්නේ වේ.
’’මහණෙනි, අඞ්ග පසකින් යුක්තවූ මහ සොරතෙම උමංද සිඳියි. පැහැරීමද කරයි. එක් ගෙයක් පැහැර ගැනීමද කරයි. උවදුරු මං පැහැරීමෙහිද සිටියි.
’’මහණෙනි, මෙපරිද්දෙන්ම කරුණු පසකින් යුක්තවූ පවිටු භික්‍ෂු තෙම සාරා දමනලද ගුණ ඇති නසනලද ආත්මය පරිහරණය කරයි. වරද සහිත වූයේද, නුවණැත්තන්ගේ උපවාද සහිත වූයේද වෙයි. බොහෝවූ පව්ද රැස් කරයි.
’’කවර පසකින්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි පවිටු භික්‍ෂු තෙම විසම ස්ථාන ඇසුරු කෙළේද, සැඟවෙන තැන් ඇසුරු කෙළේද, බලවතුන් ඇසුරු කෙළේද, සම්පත් දෙන්නේද, එකළාව හැසිරෙන්නේද වේ.
’’මහණෙනි, කෙසේ නම් පවිටු භික්‍ෂු තෙම විෂම තැන් ඇසුරු කෙළේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි පවිටු භික්‍ෂු තෙම විෂමවූ කාය කර්‍මයෙන් යුක්තවූයේ වේද, විෂමවූ වාක් කර්‍මයෙන් යුක්තවූයේ වේද, විෂමවූ මනො කර්‍මයෙන් යුක්තවූයේ වේද, මහණෙනි, මෙසේ වනාහි පවිටු භික්‍ෂු තෙම විෂම තැන් ඇසුරු කෙළේ වේ.
’’මහණෙනි, කෙසේ නම් පවිටු භික්‍ෂු තෙම සැඟවෙන තැන් ඇසුරු කෙළේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි පවිටු භික්‍ෂු තෙම මිත්‍ථ්‍යාදෘෂ්ටි ඇත්තේ වේද, දෙකෙළවර ගැනීම ඇති දෘෂ්ටියෙන් යුක්තවූයේ වේද, මහණෙනි, මෙසේ වනාහි පවිටු භික්‍ෂු තෙම ගහණයන් ඇසුරු කෙළේ වෙයි.
’’මහණෙනි, කෙසේ නම් පවිටු භික්‍ෂු තෙම බලවතුන් ඇසුරු කෙළේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි පවිටු භික්‍ෂු තෙම ගහණයන් ඇසුරු කෙළේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි මහ සොර තෙම තණකොළ ලැහැබක්, ගස් ලැහැබක් හෝ ගැඹුරුවූ වන ලැහැබක් හෝ ඇසුරු කෙළේ වේද, මහණෙනි, මෙසේ වනාහි මහ සොර තෙම සැඟවෙන තැන් ඇසුරු කෙළේ වේ. මහණෙනි, මෙසේ වනාහි පවිටු භික්‍ෂු තෙම බලවතුන් ඇසුරු කෙළේ වේ.
’’මහණෙනි, කෙසේනම් පවිටු භික්‍ෂු තෙම සම්පත් දෙන්නේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි පවිටු භික්‍ෂු තෙම චීවරය, පිණ්ඩපාතය, ශයනාසනය, ගිලන්පස, බෙහෙත් පිරිකර යන මොවුන්ගේ ලැබීම ඇත්තේ වේද, ඔහුට මෙබඳු සිතක් වේ. ’ඉදින් මට කිසිවෙක් කිසිවක් කියන්නේ නම් මෙයින් ලාභයෙන් පිළිසඳර කරන්නෙමි’ යි. ඉදින් ඔහුට කිසිවෙක්. කිසිවක් කීයේ නම් එයින් ලාභයෙන් පිළිසඳර කරයි. මහණෙනි, මෙසේ වනාහි පවිටු භික්‍ෂු තෙම සම්පත් දෙන්නේ වේ.
’’මහණෙනි, කෙසේ නම් පවිටු භික්‍ෂු තෙම එකලාව හැසිරෙන්නේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි පවිටු භික්‍ෂු තෙම හුදකළාව ප්‍රත්‍යන්ත දනව්වල වාසය කරයි. හෙතෙම එහි කුලයන්ට එළඹෙන්නේ ලාභය ලබයි. මහණෙනි, මෙසේ වනාහි පවිටු භික්‍ෂු තෙම එකළාව හැසිරෙන්නේ වේ.
’’කවර පසකින්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි පවිටු භික්‍ෂු තෙම විසම ස්ථාන ඇසුරු කෙළේද, සැඟවෙන තැන් ඇසුරු කෙළේද, බලවතුන් ඇසුරු කෙළේද, සම්පත් දෙන්නේද, එකළාව හැසිරෙන්නේද වේ.
’’කවර පසකින්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි පවිටු භික්‍ෂු තෙම විසම ස්ථාන ඇසුරු කෙළේද, සැඟවෙන තැන් ඇසුරු කෙළේද, බලවතුන් ඇසුරු කෙළේද, සම්පත් දෙන්නේද, එකළාව හැසිරෙන්නේද වේ.