අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
3. තුන්වන පණ්ණාසකය
(13) 3. ගිලාන වර්‍ගය
3. දුරුපට්ඨිය ගිලාන සූත්‍රය
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ගිලානොපස්ථායක තෙම ගිලනාට උපස්ථාන කරන්ට සුදුසු නොවේ.
’’කවර පසකින්ද යත්? බෙහෙත් නියම කරන්ට ශක්ති ඇත්තේ නොවේද, හිතවූ දෙය අහිතවූ දෙය නොදනීද, අහිතවූ දෙය එලවාද, හිතවූ දෙය බැහැර කෙරේද, ආමිෂය බලාපොරොත්තු වන්නේ ගිලනාට උපස්ථාන කෙරේද, මෛත්‍රී සිත් ඇත්තේ නොකෙරේද, මළ හෝ, මූත්‍රා හෝ, වමණය හෝ, කෙළ හෝ, බැහැර කරන්ට පිළිකුල් ඇත්තේ වේද, ගිලනා කලින් කල දැහැමි කථාවෙන් කරුණු දක්වන්ට, සමාදන් කරවන්ට, තෙද ගන්වන්ට, සතුටු කරවන්ට ශක්තිය ඇත්තේ නොවේද, යන පසිනි.
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ගිලානොපස්ථායක තෙම ගිලනාට උපස්ථාන කරන්ට සුදුසු නොවේ.