අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

3. තුන්වන පණ්ණාසකය

(13) 3. ගිලාන වර්‍ගය

4. ගිලානුපඨාන සූත්‍රය

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ගිලානොපස්ථායක තෙම ගිලනාට උපස්ථාන කරන්ට සුදුසු වේ.

’’කවර පසකින්ද යත්? බෙහෙත් නියම කරන්ට ශක්ති ඇත්තේ වේද, හිතවූ දෙය අහිතවූ දෙය දනීද, අහිතවූ දෙය බැහැර කෙරේද, හිතවූ දෙය බැහැර එළවාද, මෛත්‍රී සිත් ඇත්තේ ගිලනාට උපස්ථාන කෙරේද, ආමිෂය බලාපොරොත්තුව නොකෙරේද, මළ හෝ, මූත්‍රා හෝ, වමණය හෝ, කෙළ හෝ, බැහැර කරන්ට පිළිකුල් ඇත්තේ වේද, කලින් කල ගිලනා දැහැමි කථාවෙන් කරුණු දක්වන්ට, සමාදන් කරවන්ට, තෙද ගන්වන්ට, සතුටු කරන්ට සමර්ත්‍ථ වේද, යන පසිනි.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ගිලානොපස්ථායක තෙම ගිලනාට උපස්ථාන කරන්ට සුදුසු වේ.