අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
4. සතරවැනි පණ්ණාසකය
(16) 1. සද්‍ධම්ම වර්‍ගය
8. සාරජ්ජොක්කන්ත සූත්‍රය
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම දොම්නසට බැසගත්තේ වෙයි.
’’කවර පසකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ශ්‍රද්‍ධා නැත්තේ වේද, දුශ්ශීල වේද, අල්පශ්‍රුත වේද, කුසීත වේද, දුෂ්ප්‍රාඥ වේද යන පසිනි.
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම දොම්නසට බැසගත්තේ වෙයි.
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම විශාරදවූයේ හෙවත් සොම්නසට පැමිණියේ වෙයි.
’’කවර පසකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ශ්‍රද්‍ධා ඇත්තේ වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, පටන්ගන්නා ලද වීර්‍ය්‍යය ඇත්තේ වේද, ප්‍රභා ඇත්තේ වේද යන පසිනි.
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම විශාරදවූයේ හෙවත් සොම්නසට පැමිණියේ වෙයි.