අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
4. සතරවැනි පණ්ණාසකය
(19) 4. ආරඤ්ඤක වර්‍ගය
9. පඤ්චඛලුපච්ඡාභත්තික සූත්‍රය
’’මහණෙනි, මේ ඛලුපච්ඡාබත්තික වූවාහු පස් දෙනෙක් වෙත්.
’’කවර පස් දෙනෙක්ද යත්? නුවණ මඳ බැවින්, ඉතා මුළා බැවින්, ඛලුපච්ඡාබත්තික වූවෙක් වේ. ලාමක ආසා ඇත්තේ, ආසාවෙන් මඩනා ලද්දේ ඛලුපච්ඡාබත්තික වූවෙක් වේ. උමතු බැවින්, චිත්ත වික්‍ෂෙපයෙන් ඛලුපච්ඡාබත්තික වූවෙක් වේ. බුදුවරයන් විසින් බුද්‍ධ ශ්‍රාවකයන් විසින් වර්‍ණනා කරණ ලදැයි ඛලුපච්ඡාබත්තික වූවෙක් වේ. මද ආසා ඇති බවම නිසා, සතුට ඇති බවම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, ඛලුපච්ඡාබත්තික වූවෙක් වේ. යන පස් දෙනයි.
’’මහණෙනි, මේ ඛලුපච්ඡාබත්තික වූවාහු පස් දෙනෙක් වෙත්.
’’මහණෙනි, ඛලුපච්ඡාබත්තික වූවාවූ මේ පස් දෙනාගෙන් වනාහි යම් මේ ඛලුපච්ඡාබත්තික වූවෙක් තෙම අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්‍ථ කොට ඇති බවම නිසා ඛලුපච්ඡාබත්තික වූවෙක් වේද, මෙතෙම ඛලුපච්ඡාබත්තික වූවාවූ පස් දෙනා අතුරෙන් අග්‍රවූවෙක්ද, ශ්‍රෙෂට වූවෙක්ද, ප්‍රධාන වූවෙක්ද, උතුම් වූවෙක්ද, අධිපති වූවෙක්ද වේ.
’’මහණෙනි, යම්සේ දෙනගෙන් කිරිද, කිරෙන් දී ද, දී වලින් වෙඬරුද. වෙඬරුවෙන් ගිතෙල්ද, ගිතෙලින් ගිතෙල් මණ්ඩයතෙම එහි අග්‍රයයි කියනු ලැබේද, මහණෙනි, මෙපරිද්දෙන්ම මහණෙනි, ඛලුපච්ඡාබත්තික වූවාවූ මේ පස් දෙනාගෙන් වනාහි යම් මේ ඛලුපච්ඡාබත්තික වූවෙක් තෙම අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්‍ථ කොට ඇති බවම නිසා ඛලුපච්ඡාබත්තික වූවෙක් වේද, මෙතෙම ඛලුපච්ඡාබත්තික වූවාවූ පස් දෙනා අතුරෙන් අග්‍රවූවෙක්ද, ශ්‍රෙෂට වූවෙක්ද, ප්‍රධාන වූවෙක්ද, උතුම් වූවෙක්ද, අධිපති වූවෙක්ද වේ.